ගණිත ක්ෂේත්රයේ ඉහළම ගෞරවයක් ලෙස සැලකෙන ‘ෆීල්ඩ්ස් පදක්කම’ (Fields Medal) මෙවර හිමිව ඇත්තේ වයස අවුරුදු 40ට අඩු විශිෂ්ට ගණිතඥයින් පිරිසකටය. වසර හතරකට වරක් පිරිනැමෙන මෙම සම්මානය සඳහා මෙවර චීන ජාතික ගණිතඥයින් දෙදෙනෙකු ඇතුළු පිරිසක් තෝරාගෙන ඇත.
මෙම සම්මානය දිනාගත් අය අතර නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ සහ ප්‍රංශයේ IHES ආයතනයේ මහාචාර්ය හොං වැං සහ චිකාගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය යු ඩෙං වේ. හොං වැං මෙම සම්මානය දිනාගත් ඉතිහාසයේ තෙවැනි කාන්තාව ලෙස වාර්තා පොත් අතරට එක්වෙයි.
මොවුන් දෙදෙනාට මෙම සම්මානය හිමිව ඇත්තේ දශක ගණනාවක් තිස්සේ විසඳිය නොහැකිව තිබූ ගණිත අභියෝග දෙකක් ජය ගැනීම හේතුවෙනි. ඒ අනුව, 1917දී ඉදිරිපත් වූ ‘කැකේයා අනුමානය’ (Kakeya Conjecture) හොං වැං විසින් විසඳූ අතර, 1900 වසරේදී ඩේවිඩ් හිල්බට් ඉදිරිපත් කළ ‘හිල්බට්ගේ 6 වැනි ගැටලුව’ (Hilbert’s Sixth Problem) යු ඩෙං විසින් විසඳීමට සමත් විය.
ඇමරිකාවේ පැවති උත්සවයකදී මෙම සම්මාන ප්රදානය සිදු කෙරුණු අතර, ජෝන් පාඩන් සහ ජේකබ් ට්සිමර්මන් යන ගණිතඥයින්ටද මෙවර පදක්කම් හිමි විය. ජයග්‍රාහකයින් වෙත කැනේඩියානු ඩොලර් 15,000ක ත්‍යාග මුදලක්ද පිරිනැමිණි.
මෙම ජයග්‍රහණය චීන ගණිත ක්ෂේත්රයේ විශාල කතාබහකට ලක්ව ඇති අතර, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මහතාද හොං වැං වෙත සිය සුබපැතුම් එක් කර තිබේ. ඇයගේ මෙම ජයග්‍රහණය විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්රයේ විශිෂ්ටත්වය පෙන්නුම් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර