ඇමෙරිකාවේ වොෂිංටන් ප්‍රාන්තයේ සියැටල් නගරයේ පැවති ජනප්‍රිය ආහාර උත්සවයක් අතරතුර හටගත් මාරාන්තික වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පස්දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
අභ්‍යවකාශ ඉඳිකටුව අසල ඉරිදා සවස පැවති මෙම වාර්ෂික උත්සවයේදී හදිසියේම මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, ඒ හේතුවෙන් උත්සව භූමියේ සිටි පිරිස දැඩි කලබලයට පත්ව ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූවන් අතර කුඩා දරුවෙකු, තරුණයෙකු සහ වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙකු වන බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි. ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ මට්ටමේ පවතියි.
වෙඩි හඬ ඇසීමත් සමඟ උත්සවයට සහභාගී වී සිටි ජනතාව ආරක්ෂාව පතා දිවගොස් ඇති අතර, ඇතැම් පිරිස් බිම ඇද වැටීමෙන්ද සුළු තුවාල ලබා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සියැටල් පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇති අතර, නගර මධ්‍යයේ අදාළ ප්‍රදේශයෙන් තාවකාලිකව ඉවත්ව සිටින ලෙස ජනතාවට උපදෙස් දී ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර