ප්‍රංශයේ නිරිතදිග බෝඩෝ (Bordeaux) නගරය ආශ්‍රිතව හටගෙන ඇති ලැව්ගිනි තත්ත්වය මේ වන විට ඉතා දරුණු අතට හැරී ඇති බව වාර්තා වේ. අධික උෂ්ණත්වය හේතුවෙන් මෙම ගින්න වේගයෙන් පැතිර යන අතර, එය පාලනය කර ගැනීමට ගිනි නිවන අංශ දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිති.
පවතින හදිසි තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රංශ ජනාධිපති ඉම්මානුවෙල් මැක්‍රොන් මහතා විසින් විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් කැඳවනු ලැබීය. ගින්න මැඩපැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ බලපෑමට ලක්වූවන්ට සහන සැලසීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කර ඇත.
පසුගිය සති කිහිපය තුළ යුරෝපයේ රටවල් රැසක ලැව්ගිනි පැතිරීමේ අවදානම ඉහළ ගොස් තිබේ. මෙයින් ප්‍රංශය සහ ස්පාඤ්ඤය වඩාත් දරුණු ලෙස පීඩාවට පත්ව ඇති රටවල් දෙකකි.
ලැව්ගිනි හේතුවෙන් ඇතිවූ අවදානම් තත්ත්වය නිසා මේ වන විට දෙරටේම පදිංචි පුද්ගලයින් 330,000කට ආසන්න සංඛ්‍යාවක් තම නිවෙස්වලින් ඉවත් වීමට සිදුව ඇතැයි වාර්තා වේ.
