කඩුවෙල පොලිස් වසමේ පිහිටි ඓතිහාසික සංඝබෝධි රජමහා විහාරස්ථානයේ 183 වන වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය අද (28) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතය.
මෙම පෙරහැර හේතුවෙන් අද රාත්‍රී 10.00 සිට හෙට (29) අලුයම 4.00 දක්වා කඩුවෙල – කොල්ලුපිටිය සහ කඩුවෙල – කොළඹ (පිටකොටුව) ප්‍රධාන මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.
පෙරහැර ගමන් ගන්නා මාර්ගය අනුව, විහාරස්ථානයෙන් ආරම්භ වී කොතලාවල රාජසිංහ මාවත ඔස්සේ කඩුවෙල – පිටකොටුව මාර්ගයට පිවිස නැවත කඩුවෙල හන්දිය හරහා විහාරස්ථානයට ළඟා වීමට නියමිතය.
පෙරහැර ගමන් ගන්නා කාලසීමාව තුළ රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය දැනුම් දෙයි. ඒ අනුව, සැහැල්ලු වාහන සහ බර වාහන සඳහා විශේෂ මාර්ග සැලැස්මක් ක්‍රියාත්මක කර ඇත.
කඩුවෙල – කොල්ලුපිටිය මාර්ගය තාවකාලිකව වසා තබන අවස්ථාවලදී, රියදුරන්ට චන්ද්‍රිකා කුමාරතුංග මාවත ඇතුළු විකල්ප මාර්ග ඔස්සේ ගමන් කළ හැකි බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර