සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘හරක් කටා’ නමැත්තාට සහන ලබාදීම සඳහා අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවූ සැකකරුවන් තිදෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් අද (28) දහවල් ඇප නියම කරනු ලැබීය.
සමගි ජන බලවේගයේ හොරණ හිටපු ආසන සංවිධායක චරිත් අබේසිංහ, හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්යක්ෂ වරුෂ හැන්නැදිගේ අරුණ ශ්‍රී චතුරංග යන අය මෙලෙස ඇප මත මුදා හැරීමට නියෝග කර තිබුණි.
කෙසේ වෙතත්, අධිකරණය විසින් නියම කළ ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් චරිත් අබේසිංහ මහතා යළිත් බන්ධනාගාරගත කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබේ. අනෙක් සැකකරුවන් දෙදෙනා ඇප කොන්දේසි සපුරා නිදහස් වී ඇත.
සැකකරුවන් එක් අයෙකුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් බැගින් නියම කර තිබුණි. මීට අමතරව, ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු බවට ද නියෝග කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර