වගකීම් සහගත රාජ්‍යයක් ලෙස සිය භූමිකාව අඛණ්ඩව ඉටු කරමින් ගෝලීය සංවර්ධනයේ හවුල්කරුවෙකු මෙන්ම ප්‍රවර්ධකයෙකු ලෙස කටයුතු කරන බව චීන විදේශ අමාත්‍ය වං යී මහතා පවසා තිබේ.

ගෝලීය සංවර්ධන මුලපිරුම ආරම්භ කර වසර පහක්පූර්ණ වීම නිමිත්තෙන් බෙයිජිං නුවර පැවති උත්සවයකදී හෙතෙම මේ බව සඳහන් කළේය. වසර පහකට පෙර චීනය හඳුන්වා දුන් මෙම මුලපිරුම හරහා ගෝලීය සංවර්ධන කාර්යයන් ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් ලැබී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

පසුගිය වසර පහක කාලය තුළ විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතා යාන්ත්‍රණ ක්‍රමයෙන් දියුණු කරමින් ප්‍රායෝගික ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වූ බව චීන විදේශ අමාත්‍යවරයා පැවසීය. වර්තමානයේ පවතින අස්ථාවර හා සංකීර්ණ ජාත්‍යන්තර පසුබිම තුළ මෙම මුලපිරුමේ වැදගත්කම තවදුරටත් ඉහළ ගොස් ඇති බවද ඔහු අවධාරණය කළේය.

සියලු රටවල් සංවර්ධනයට ප්‍රමුඛත්වය ලබා දී ඉදිරියට යා යුතු බවත්, චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුම එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුණු සමඟ සමපාත කිරීම තවදුරටත් ශක්තිමත් කළ යුතු බවත් වං යී මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version