දෙවිනුවර ඓතිහාසික උපුල්වන් ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පස්වන පේළි පෙරහැරේදී උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ. පෙරහැර සංවිධාන කටයුතු සම්බන්ධයෙන් මතු වූ මතභේදයක් හේතුවෙන් වසර ගණනාවක් කටයුතු කළ සංවිධාන කමිටුවේ සාමාජිකයින් 38 දෙනෙකු ඉකුත් 27 වන දින රාත්‍රියේ සිය රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර ඇත.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ ආරක්ෂක අංශ විසින් ගනු ලැබූ තීරණයකට එරෙහිව මෙම විරෝධය පළ වී තිබේ. කාවාඩි කණ්ඩායම් සියල්ලටම පෙරහැර සඳහා අවස්ථාව ලබා දීමට ගත් තීරණය මෙම අර්බුදයට මූලික හේතුව වී ඇති බව සඳහන් වේ.
පෙරහැරේ පස්වන පේළිය සඳහා අලි ඇතුන් සහභාගී කර නොගැනීමට ද පියවර ගෙන තිබුණි. ඇත්ගොව්වන් කිහිප දෙනෙකු බීමත්ව සිටීම සහ කාවාඩි කරුවන් විසින් මල් වෙඩි දැල්වීම හේතුවෙන් අලි ඇතුන් කුලප්පු වීමේ අවදානමක් පැවති බව පොලිසිය පවසයි.
එමෙන්ම අලි ඇතුන් ඉලක්ක කර අහස්කූරු දල්වා ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් ඇති බවට පැතිර ගිය කටකතාවක් හේතුවෙන් ද මෙම ආරක්ෂක පියවර ගත් බව වාර්තා වේ. කෙසේ වෙතත්, පෙරහැර අතරතුර එවැනි කිසිදු අහිතකර සිදුවීමක් වාර්තා වී නොමැති අතර, ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ අලි ඇතුන් සහභාගී නොකිරීම හරහා සිදුවිය හැකිව තිබූ අනාරක්ෂිත තත්ත්වයන් මඟහැරී ගිය බවයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර