රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ රාජ්‍ය සේවා නවීකරණ වැඩසටහනේ තවත් පියවරක් ලෙස, ශ්‍රී ලංකා රේගුවේ කටයුතු කඩදාසි රහිත (Paperless) ක්‍රමවේදයකට පරිවර්තනය කිරීමට කටයුතු යොදා ඇත. මෙම නව ක්‍රමවේදය ලබන ඔක්තෝබර් මස 01 වන දින සිට බලාත්මක කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසයි.
කොළඹදී පැවති විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සමගාමීව ගමන් කිරීම සඳහා මෙවැනි ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය බවයි. මෙම නව පද්ධතිය හරහා ආනයන සහ අපනයන කටයුතු වඩාත් වේගවත් සහ විනිවිදභාවයකින් යුතුව සිදු කිරීමට අවස්ථාව උදාවනු ඇත.
මෙම ක්‍රමවේදය යටතේ LankaSign ඩිජිටල් අත්සන සහ ASYCUDA පද්ධතිය ඒකාබද්ධ කෙරේ. එමගින් රේගු ලේඛන සියල්ල අන්තර්ජාලය හරහා නීත්‍යානුකූලව සහ ආරක්ෂිතව ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේ. විශේෂයෙන්ම, ඩිජිටල් අත්සන භාවිතය හේතුවෙන් වංචා සහ දූෂණ අවම කර ගැනීමට හැකි වන බවද ජනාධිපති ලේකම්වරයා අවධාරණය කළේය.
නවීකරණය හේතුවෙන් රේගු ක්ෂේත්රයේ රැකියා අහිමි වීමක් සිදු නොවන බවත්, තාක්ෂණයත් සමඟ රැකියාවල ස්වභාවය වෙනස් වුවද රේගු තැරැව්කරුවන්ගේ රැකියා සුරක්ෂිත බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශ්වකරුවන්ගේ සහයෝගය අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාව සඳහා රේගු අධ්යක්ෂ ජනරාල් විමල් ලියනගම, ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාලයේ අධ්යක්ෂ ඩබ්ලිව්. එල්. සී. තිලකරත්න ඇතුළු නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර