අනාගත පරපුරට ණය බරක් ඉතිරි නොකරන, මූල්‍ය විනයක් සහිත ස්ථාවර රටක් ගොඩනැගීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
රජයේ ආදායම රටේ සංවර්ධනය සහ උන්නතිය වෙනුවෙන් පමණක් යෙදවීමට කටයුතු කරන බවත්, පුනරාවර්තන වියදම් අවම කර ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමට ඉදිරි ආර්ථික සැලසුම් සකස් කර ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය. 2027 වසරේදී ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන දෙකක් වෙන් කිරීමට සැලසුම් කර ඇත.
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ඩිජිටල්කරණයට ප්‍රමුඛතාව ලබාදෙන බවත්, වෘත්තිකයන් රඳවා ගැනීම සඳහා විශ්‍රාම වයස සංශෝධනය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය. තවද, රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම මගින් සමාජ ගැටලු රැසකට විසඳුම් ලබාගත හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ගාල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරුණු අතර, නගර සැලසුම්කරණයේදී විධිමත් ජාතික සැලැස්මකට අනුව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා විසින් අවධාරණය කරන ලදී. මීට අමතරව, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සහ දිස්ත්‍රික්කයේ ජල ව්‍යාපෘතිවල පවතින ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙස ද උපදෙස් ලබා දෙන ලදී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර