කොළඹ වරාය පරිශ්‍රයේ ඉදිකරන ලද නව පස් මහල් වරාය සෞඛ්‍ය කාර්යාල ගොඩනැගිල්ල සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

මෙම ව්‍යාපෘතිය සඳහා ජපාන රජය විසින් රුපියල් මිලියන 168ක මූල්‍ය දායකත්වයක් ලබා දී ඇති අතර, ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය (IOM) විසින් මෙහි ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කරනු ලැබීය.

රටේ දේශසීමා සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම සහ වරාය හරහා සිදුවන සංචාරක හා භාණ්ඩ ප්‍රවාහන කටයුතු වලදී ඇතිවිය හැකි මහජන සෞඛ්‍ය අවදානම් හඳුනා ගැනීම මෙම නව කාර්යාලයේ මූලික අරමුණයි.

එමෙන්ම, බෝවන රෝග පාලනය, නිරෝධායන කටයුතු විධිමත් කිරීම සහ හදිසි සෞඛ්‍ය තත්ත්වයන් හමුවේ කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සඳහා මෙමගින් නව පහසුකම් සැලසේ.

මෙම අවස්ථාවට වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා සහ IOM සංවිධානයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් ප්‍රධානී ක්‍රිස්ටීන් පාකෝ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version