ශ්‍රේෂ්ඨ කලාවකට ජාතියක්, ආගමක් හෝ භාෂාවක් නොමැති බවත්, මනුෂ්‍යත්වය සහ එකමුතුකම එහි සැබෑ භාෂාව බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. ආචාර්ය සුජාතා අත්තනායක මහත්මිය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේදී පැවැති උපහාර ප්රණාම උළෙලට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
දශක හතකට අධික කාලයක් පුරා මෙරට සංගීත ක්ෂේත්රයට අගනා මෙහෙවරක් ඉටුකළ ආචාර්ය සුජාතා අත්තනායක මහත්මියගේ කලා චාරිකාව, පරම්පරා ගණනාවක ආදරය දිනාගත් අද්විතීය ගමනක් බව අග්‍රාමාත්‍යවරිය සිහිපත් කළාය. එතුමිය ගායනා කළේ ගීත පමණක් නොව මිනිසුන්ගේ හැඟීම් බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
සිංහල, දෙමළ සහ ඉස්ලාම් සංස්කෘතික ගීත ගායනා කරමින් විවිධ ප්‍රජාවන් අතර සහජීවනය ගොඩනැඟීමට එතුමිය දැක්වූ දායකත්වය අග්‍රාමාත්‍යවරිය මෙහිදී අගය කළාය. ජාතියක අනන්‍යතාව ගොඩනැඟීමේදී එවැනි කලාකරුවන් පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන බව ඇය පෙන්වා දුන්නාය.
ජූලි මාසය අතීතයේ වේදනාබර මතකයන් සමඟ බැඳී පැවතියද, එය වෛරයක් ලෙස නොව සහෝදරත්වයේ මාසයක් ලෙස අනාගත පරපුරට උරුම කළ යුතු බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. මෙම අවස්ථාව සඳහා මැති ඇමතිවරුන්, කලාකරුවන් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර