දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ වෙනම යතුරුපැදි අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
පළමු අනතුර මහනුවර-යාපනය ඒ-9 මාර්ගයේ තාන්ඩිකුලම් ප්‍රදේශයේදී සිදුවී ඇත. එම දිශාවටම ගමන් කළ වාහනයක ගැටීමෙන් යතුරුපැදිකරු මියගොස් ඇති අතර, අනතුර සිදුකළ වාහනය මෙතෙක් හඳුනාගෙන නොමැත. මියගිය පුද්ගලයා කනගරායම්කුලම් ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි අයෙකි.
දෙවන අනතුර පුල්මුඩේ-ත්‍රිකුණාමලය මාර්ගයේ අර්පත් හංදිය ආසන්නයේදී වාර්තා වී තිබේ. යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කු කනුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ කුච්චවේලි ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධීන් සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර