නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා පවතින අධික වර්ෂාව සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් හැටන් දිසා අධිකරණය සහ මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (04) දින පැවැත්වීමට නියමිතව තිබූ සියලුම නඩු කටයුතු කල් දැමීමට පියවර ගෙන තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ අදාළ නඩු ලබන 11 වැනිදා දක්වා කල් තබමිනි. අයහපත් කාලගුණය නිසා ප්‍රවාහන පහසුකම්වලට බාධා එල්ල වීම හේතුවෙන් අධිකරණ කාර්ය මණ්ඩලයට, නීතිඥවරුන්ට, පොලිස් නිලධාරීන්ට සහ නඩු කටයුතු සඳහා පැමිණෙන පාර්ශ්වකරුවන්ට අධිකරණයට පැමිණීමට දැඩි අපහසුතාවක් මතුව තිබිණි.

නීතිඥවරුන් විසින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරුන් විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version