රට තුළ වර්ධනය වෙමින් පවතින අලි – මිනිස් ගැටුම විසඳීම සඳහා නව ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමේ මූලික සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම අධීක්ෂණ කමිටු රැස්වීම පැවැත්වුණි.
මෙම අවස්ථාව සඳහා අලි – මිනිස් ගැටුම බහුලව වාර්තා වන දිස්ත්‍රික්ක නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නියෝජිතයන් එක්ව සිටියහ. මෙහිදී 2020 වසරේ හඳුන්වා දුන් පැරණි සැලැස්ම යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරිණි.
නව සැලැස්ම සකස් කිරීමේදී වනාන්තර ආවරණය, වන අලින්ගේ සංක්‍රමණ රටා සහ කෘෂිකාර්මික ව්‍යාප්තියේ සිදුවූ වෙනස්කම් වැනි නව දත්ත කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට තීරණය කර ඇත. විශේෂයෙන්ම ප්‍රජා සහභාගීත්වය සහිත කළමනාකරණ වැඩපිළිවෙළක් සහ අලි මංකඩ නිදහස් කිරීමේ ක්‍රියාවලිය මෙහි මූලික අරමුණයි.
මේ අතර, අලි සුපෝෂණ කලාප පිහිටුවීම සහ වනජීවී දෙපාර්තමේන්තුවේ සම්පත් ශක්තිමත් කිරීම ඇතුළු ක්ෂණික ක්‍රියාමාර්ග දැනටමත් ආරම්භ කර ඇති බව පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. ‘වනස්පති’ ජාතික වැඩසටහන යටතේ මෙම කටයුතු වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර