මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (සංශෝධන), මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) සහ ත්රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර ඇත.
මෙම පනත් කෙටුම්පත් පසුගිය ජූලි මස 09 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර, ඒ අනුව එම පනත් 2026 අංක 16, 17 සහ 18 දරන පනත් ලෙස බලාත්මක වනු ඇත.
මුදල් විශුද්ධිකරණ අපරාධ මැඩපැවැත්වීම සඳහා පවතින නීතිමය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය යාවත්කාලීන කිරීම මෙම සංශෝධනවල මූලික අරමුණයි. විශේෂයෙන්ම මූල්‍ය අපරාධ සම්බන්ධ විමර්ශන කාර්යක්ෂම කිරීම සහ සැක සහිත වත්කම් පාලනය කිරීමේ බලතල මෙමගින් පුළුල් කර තිබේ.
එසේම, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත සංශෝධනය කිරීම මගින් අතත්‍ය වත්කම් සේවා සපයන්නන් නියාමනයට ලක් කිරීම සහ මූල්‍ය බුද්ධි ඒකකයේ බලතල වැඩි කිරීම සිදු කෙරේ. ත්රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම හරහා ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීමට සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම නව නීතිමය රාමුව මගින් ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ සුපිළිපන්නභාවය ආරක්ෂා කරන අතරම, අනාගතයේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ඇගයීම් සඳහා රට සූදානම් කිරීම ද අරමුණු කර ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර