පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරෙන හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ කිහිපයක් හේතුවෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ දිලිත් ජයවීර ඇතුළු පිරිසක් අධිකරණයට අපහාස කර ඇති බවට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (05) තීරණය කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ දීර්ඝ වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ලබා දී ඇත. සැකකරුවන් 2024 අංක 08 දරණ අධිකරණයට අපහාස කිරීමේ පනත උල්ලංඝණය කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කර තිබුණි.

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයකදී සිදුකළ ප්‍රකාශ මීට හේතු වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කළ බවට තීරණය කර ඇති පිරිස අතර සුගීශ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහාචාර්ය මහින්ද පතිරණ යන මහත්වරුන් ද වේ.

මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයේ සඳහන් කර ඇත්තේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නෛතික පියවර ගැනීම සඳහා අභියාචනාධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා බවයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version