ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ 2026 වසරේ ප්‍රගති සමාලෝචනය සහ 2027 වසර සඳහා වන අයවැය පූර්ව සාකච්ඡාව පැවැත්විණි. මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් ගෝලීය මට්ටමින් තරග කළ හැකි, විද්‍යාත්මක හා වෘත්තීය ප්‍රවීණත්වයෙන් යුතු බලකායක් ලෙස සන්නද්ධ කිරීම අත්‍යවශ්‍ය බවයි.
ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් 2026 වසරේදී රුපියල් බිලියන 530ක මුදලක් වෙන් කර ඇති අතර, එම අරමුදල් භාවිතයෙන් ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අංශ ඇතුළු ආයතන රැසක ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙහිදී විමර්ශනයට ලක් කෙරිණි.
විශේෂයෙන්ම හමුදා ඉංජිනේරු බලකායේ තාක්ෂණික හා උපදේශන සේවා රජයේ ඉදිකිරීම් ක්ෂේත්රය සඳහා උපරිමයෙන් යොදා ගැනීමේ හැකියාව පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. එමගින් රාජ්‍ය ව්‍යාපෘතිවල පිරිවැය සහ කාලය අවම කර ගැනීමට අපේක්ෂා කෙරේ.
තවද, අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳව ද ජනාධිපතිවරයා විමසීය. එහි පළමු අදියර ඔක්තෝබර් මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂිත අතර, දෙවන අදියර කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳව ද අවධානය යොමු විය.
ආපදා කළමනාකරණ අංශය යටතේ ක්‍රියාත්මක වන නායයෑම් අවදානම් අවම කිරීමේ ව්‍යාපෘති සහ නවීන ඩොප්ලර් රේඩාර් පද්ධති ස්ථාපනය කිරීමේ ප්‍රගතිය ද මෙම සාකච්ඡාවේදී සමාලෝචනය කෙරිණි. 2027 වසරේදී ආපදා සහන සේවා සහ ආපදා අවම කිරීමේ ව්‍යාපෘති සඳහා වැඩි ප්‍රමුඛතාවක් ලබා දීමට ද තීරණය විය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර