මෙක්සිකෝවේ සිනාලෝවා ප්‍රාන්තයේ කුලියාකාන් නගරයේදී 24 හැවිරිදි සීසර් ගැස්ටෙලම් නම් සමාජ මාධ්‍ය බලපෑම්කරු වෙඩි තබා ඝාතනය කර ඇත. ඔහු සිය මිතුරන් දෙදෙනෙකු සමඟ එක්ව සමාජ මාධ්‍ය අභියෝගයක් වීඩියෝ කරමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව තිබේ.
ටික්ටොක් වේදිකාවේ අනුගාමිකයින් ලක්ෂ පහකට අධික පිරිසක් සිටින ගැස්ටෙලම්, ක්ෂණික ආහාර සේවකයෙකු ලෙස වෙස්වලාගෙන මෙම වීඩියෝව පටිගත කරමින් සිටියේය. සජීවී විකාශය අතරතුර යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ඔහු වෙත වෙඩි තබා පලා ගොස් ඇති බව වාර්තා වේ.
වෙඩි ප්‍රහාරයට ලක්වීමට මොහොතකට පෙර ඔහු සජීවී විකාශයේදී “ඒ අය මාව බය කරනවා” යනුවෙන් පවසා ඇති බවද සඳහන් වේ. එම ස්ථානයේදීම ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, බලධාරීන් පවසන්නේ මෙම ඝාතනය ඔහුගේ සමාජ මාධ්‍ය අන්තර්ගතයන් සමඟ සම්බන්ධ විය හැකි බවයි.
මේ වන විට සිනාලෝවා ප්‍රාන්තයේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය කාටෙල් කණ්ඩායම් අතර පවතින ගැටුම් හේතුවෙන් ප්‍රදේශය දැඩි අස්ථාවර තත්ත්වයක පවතී. සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන බව මෙක්සිකානු ජනාධිපතිවරිය ප්‍රකාශ කර තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර