යාපනය සෙම්මණි සමූහ මිනීවළ ආශ්‍රිතව සිදුකරන තුන්වන අදියරේ කැණීම් කටයුතු මේ වන විට අඛණ්ඩව ක්‍රියාත්මක වේ. එහි 44 වන දිනය වූ ඊයේ (05) දිනයේදී තවත් මිනිස් ඇටසැකිලි 8ක් හඳුනා ගැනීමට කැණීම් කණ්ඩායම් සමත් වී ඇත.

මීට පෙර හඳුනාගෙන තිබූ ඇටසැකිලි 8ක් ද ඊයේ දිනයේදී සම්පූර්ණයෙන්ම ගොඩගැනීමට පියවර ගෙන තිබේ. මෙම ස්ථානයේ සිදුකළ කැණීම්වල සමස්ත අදියර තුන යටතේ මේ දක්වා හඳුනාගෙන ඇති මුළු ඇටසැකිලි සංඛ්‍යාව 491කි.

ඉන් ඇටසැකිලි 489ක් මේ වන විටත් සම්පූර්ණයෙන්ම ගොඩගෙන අවසන් බව වාර්තා වේ. අධිකරණ නියෝගයකට අනුව මෙම කැණීම් කටයුතු දින 56ක කාලයක් සඳහා සිදුකිරීමට අවසර හිමිව ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version