ජාතික වෘත්තීය ආරක්ෂණ හා සෞඛ්‍ය ආයතනයේ (NIOSH) අධ්‍යාපනය ලබන සිසුන් සඳහා දකුණු කොරියාවේ චැංෂින් විශ්වවිද්‍යාලයේ (Changshin University) උසස් අධ්‍යාපන අවස්ථා ලබා දීමේ නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් කම්කරු අමාත්‍යාංශයේදී පැවැත්වුණු අතර, ඒ සඳහා නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඇතුළු දෙපාර්ශ්වයේම නියෝජිතයෝ එක්ව සිටියහ.
මෙම ව්‍යාපෘතිය යටතේ සිසුන්ට සහනදායී ගාස්තු යටතේ උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමිවේ. එහිදී ආරම්භක අදියරේදී පාඨමාලා ගාස්තුවෙන් 50%ක් පමණක් ගෙවීමට සිදුවන අතර, දක්ෂතා දක්වන සිසුන්ට 100%ක් දක්වා ශිෂ්‍යත්ව හෝ ගාස්තු නිදහස් කිරීම් ලබා ගැනීමටද අවස්ථාව පවතී.
අධ්‍යාපනය ලබන කාලසීමාව තුළ සිසුන්ට අර්ධකාලීන රැකියාවල නිරත වීමට මෙන්ම, උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව දකුණු කොරියාව තුළම ස්ථිර රැකියා අවස්ථා ලබා ගැනීමටද මෙමගින් මග පෑදේ. චැංෂින් විශ්වවිද්‍යාලය පසුගිය වසරේදී ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) අනුමැතිය ලැබූ ආයතනයකි.
මෙම වැඩසටහනට අදාළ කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු, ඉදිරි මාසයක කාලය තුළ දෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය. ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට දේශීය මෙන්ම ජාත්‍යන්තර රැකියා වෙළඳපොළ තුළ වැඩි අවස්ථා උදාකර දීම රජයේ අපේක්ෂාව බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර