ත්‍රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය කේන්ද්‍ර කරගනිමින් නව සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තෙල් බෙදාහැරීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරමින් රටට විශාල ආදායමක් උපයා ගැනීමයි.
අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහි පවතින වත්මන් තත්ත්වය සහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.
මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ජනිත රුවන් කොඩිතුවක්කු සහ අරුන් හේමචන්ද්‍ර යන මහත්වරුන් ද එක්ව සිටියහ.
වත්මන් රජය යටතේ මෙම තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
