පසුගිය ජූලි 23 වන දින දෙමටගොඩ, කුප්පියාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ අරමුණින් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
බොරැල්ල, ලේඩ්‍රයිව් ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල පොලිසියට ලැබුණු රහසිගත තොරතුරක් මතය. අත්අඩංගුවට ගත් සැකකරුවන් 23 සහ 24 යන වයස්වල පසුවන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් 23 හැවිරිදි සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 900ක් පොලිසිය විසින් සොයාගෙන ඇත. වෙඩි තැබීමේ සිද්ධිය සිදුවන අවස්ථාවේදී යතුරුපැදිය පැදවූ පුද්ගලයා මොහු බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුට මෙම අපරාධය සම්බන්ධයෙන් ඇති සම්බන්ධතාවය පිළිබඳව බොරැල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.
