රට තුළ පවතින ආර්ථික අසාධාරණයන් දුරු කරමින්, සෑම පුද්ගලයෙකුටම තමන් කරන කාර්යභාරයට සරිලන ප්රතිලාභ හිමිවන ආර්ථික ප්රජාතන්ත්රවාදයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා පෙන්වා දෙයි.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සේවක දිරිගැන්වීමේ සහ කාර්යසාධන ඇගයීම් උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. රජයේ ‘සෞභාග්‍යමත් දේශයක් – අලංකාරවත් ජීවිතයක්’ ප්‍රතිපත්ති රාමුව යටතේ මෙම උත්සවය පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ආයතනයක ලාභය මත පදනම්ව සේවකයන්ගේ දායකත්වය නිසි ලෙස ඇගයීමෙන් පසු දිරි දීමනා ලබා දිය යුතු බවයි. සියලු දෙනාටම එක සමානව දිරි දීමනා ලබා දීමේ ක්‍රමවේදය වෙනුවට, කාර්යක්ෂමතාව මත පදනම් වූ ක්‍රමවේදයක් අනුගමනය කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය.
රජයේ භාණ්ඩාගාරයට බරක් නොවී ස්වයංපෝෂිතව ක්‍රියාත්මක වන ආයතනයක් ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ඉදිරියට ගෙන යා යුතු බවද අමාත්‍යවරයා පැවසීය. රජයේ ආපදා සහන බෙදාහරින මධ්‍යස්ථානයක් ලෙස පමණක් නොව, සැබෑ රක්ෂණ සේවාවක් සපයන ආයතනයක් බවට මෙය පරිවර්තනය කිරීමට සියලු නිලධාරීන් කැපවිය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහාරච්චි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර