පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලු අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, එළඹෙන 10 වැනිදා සිට විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙන බව උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සඳහන් කළේය.
සිසුන්ට ආරක්ෂිතව අධ්‍යයන කටයුතුවල නිරත වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව ද උපකුලපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර, විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවල නේවාසික සිසුන්ට ලබන 09 වැනිදා සිට යළි නේවාසිකාගාර වෙත පැමිණීමට අවසර ලබා දී ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර