දිවයිනේ බන්ධනාගාර කිහිපයක පසුගිය දිනවල හටගත් නොසන්සුන්තාවන් හේතුවෙන් රැඳවියන් තිදෙනෙකු මියගොස් තවත් 23 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත. කොළඹ මැගසින්, කුරුවිට සහ මීගමුව පල්ලන්සේන යන බන්ධනාගාරවල මෙම කලහකාරී තත්ත්වයන් වාර්තා වී තිබේ.
මැගසින් බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය පාර්සලයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් එහි රැඳවියන් පිරිසක් සිරමැදිරි කඩාගෙන කලහකාරී ලෙස හැසිරී ඇත. මෙම ගැටුම පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් සහ පොලිසියට දැඩි වෙහෙසක් දැරීමට සිදු වූ අතර, ඉන් එක් රැඳවියෙකු මියගොස් ඇත.
කුරුවිට බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවෙන් තුවාල ලැබූ රැඳවියන් පහළොස් දෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසු දෙදෙනෙකු මියගොස් තිබේ. මීගමුව බන්ධනාගාරයේ සිට කුරුවිට බන්ධනාගාරය වෙත මාරු කර එවන ලද රැඳවියන් පිරිසක් තමන්ට ලැබෙන පහසුකම් ප්‍රමාණවත් නොවන බව පවසමින් මෙම විරෝධතාවයේ නිරත වී ඇත.
මීට අමතරව, මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලය මතට නැග විරෝධතාවක් ආරම්භ කර ඇති අතර, තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. බන්ධනාගාරවල පවතින මෙම නොසන්සුන්කාරී තත්ත්වයන් පිටුපස සංවිධානාත්මක කුමන්ත්‍රණයක් පවතින බවට බුද්ධි අංශ මීට පෙර අනතුරු ඇඟවීම් සිදු කර තිබිණි.
පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ. අදාළ බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීමටත්, ගැටුම් ඇති කළ රැඳවියන් වෙනත් ස්ථාන වෙත මාරු කිරීමටත් පියවර ගෙන ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර