දිවයින අවට මුහුදු ප්‍රදේශවල පවතින දැඩි සුළං සහ රළු මුහුදු තත්ත්වය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ධීවර සහ නාවික ප්‍රජාව වෙත රතු නිවේදනයක් නිකුත් කර ඇත.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 ඉක්මවා යා හැකි බව කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙයි. මෙම ප්‍රදේශවල මුහුද ඉතා රළු විය හැකි බැවින්, නැවත දැනුම් දෙන තුරු එම මුහුදු ප්‍රදේශවලට නොයන ලෙස ධීවරයින්ට දැඩිව අවවාද කර තිබේ.
මීට අමතරව, මඩකලපුව, ත්‍රිකුණාමලය, කන්කසන්තුරය සහ මන්නාරම හරහා හලාවත දක්වාත්, ගාල්ලේ සිට මාතර දක්වාත් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50ක් දක්වා ඉහළ යා හැකිය.
එම ප්‍රදේශවල කටයුතු කරන ධීවරයින් සහ නාවිකයින් කාලගුණික තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ඉල්ලා සිටී. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, එම අවස්ථාවලදී මුහුද තාවකාලිකව රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන නවතම නිවේදන පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වන ලෙස මහජනතාවගෙන් සහ ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.
