අද (09) දිනට යෙදී ඇති ලෝක ආදිවාසී ජනතා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ සාම්ප්‍රදායික අයිතිවාසිකම් තහවුරු කිරීම සහ පරිසර පද්ධති ආරක්ෂා කිරීම අරමුණු කරගත් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.
ජාතික වනෝද්‍යාන සහ ආරක්ෂිත කලාප තුළ ආදිවාසී ජනතාව සිදුකරන සාම්ප්‍රදායික කටයුතු නියාමනය කිරීම මෙම නව රෙගුලාසිවල මූලික අරමුණයි. මෙමගින් පරිසර පද්ධතිවලට හානියක් නොවන පරිදි ඔවුන්ගේ ජීවනෝපාය කටයුතු පවත්වාගෙන යාමට අවස්ථාව සැලසේ.
විශේෂයෙන්ම මාදුරුඔය සහ ගල්ඔය ජාතික වනෝද්‍යාන ආශ්‍රිතව ජීවත් වන ආදිවාසී ජනතාවට වන සංරක්ෂිත ප්‍රදේශවලට ඇතුළුවීමේදී මින් පෙර පැවති ගැටලුකාරී තත්ත්වයන් මෙම නව නීති මගින් අවම වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, ඉදිරියේදී ඔවුන්ට කිසිදු බාධාවකින් තොරව තම දෛනික ජීවන කටයුතු සිදු කරගෙන යාමට හැකි වනු ඇත.
මෙවර ලෝක ආදිවාසී ජනතා දිනයේ තේමාව වන්නේ ආදිවාසී සංස්කෘතික වෙනස්කම් සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී එම ප්‍රජාවන්හි තරුණ පරපුරේ නියෝජනය තහවුරු කිරීමයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර