සෞඛ්‍ය ක්ෂේත්රයේ මානව සම්පත් ශක්තිමත් කිරීමේ අරමුණින්, වෘත්තීය නිපුණතාවලින් හෙබි පිරිසක් බිහි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව පුහුණු වැඩසටහන් මාලාවක් ආරම්භ කර තිබේ.
මෙම වැඩසටහන යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂක, කෘත්‍රිම අවයව හා විකලාංග විශේෂඥ, සෞඛ්‍ය කෘමි විද්‍යා නිලධාරී සහ පාසල් දන්ත චිකිත්සක ඇතුළු පුහුණු පාඨමාලා 8ක් සඳහා සිසුන් බඳවා ගැනීමට නියමිතය.
2026 අගෝස්තු 07 දිනැති අංක 2501 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් සුදුසුකම් සපුරාලන අයදුම්කරුවන්ට මේ සඳහා අවස්ථාව හිමිවේ. ඒ අනුව, 2019 සිට 2023 දක්වා කාලසීමාව තුළ අ.පො.ස. උසස් පෙළ විභාගයට විද්‍යා හෝ ගණිත අංශයෙන් පෙනී සිට සමත් වූ සිසුන්ට අයදුම් කළ හැකිය.
මෙම පුහුණු පාඨමාලා අතරින් කෘත්‍රිම අවයව හා විකලාංග විශේෂඥ පුහුණුව වසර 3ක් සහ ඖෂධ සංයෝජක පුහුණුව වසරක කාලයක් ලෙස වෙන් කර ඇත.
අදාළ පාඨමාලා සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය ලෙස 2026 අගෝස්තු 31 දින නම් කර තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර