නවීන ගොඩනැගිලි ක්ෂේත්‍රයේ අනාගතය සහ බුද්ධිමත් තාක්ෂණික භාවිතයන් පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් ‘Shaping Intelligence – Smart Building Summit 2026’ සමුළුව පසුගියදා කොළඹදී පැවැත්විණි. මෙම සමුළුව සඳහා ක්ෂේත්‍රයේ විශේෂඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ වෘත්තිකයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ කෘත්‍රිම බුද්ධිය සහ අන්තර්ජාලය ඒකාබද්ධ කළ තාක්ෂණික විසඳුම් (AIoT) මගින් ගොඩනැගිලිවල ආරක්ෂාව, කාර්යක්ෂමතාව සහ තිරසාරභාවය ඉහළ නංවන ආකාරය පිළිබඳවයි. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් 150කට අධික පිරිසක් මෙම සමුළුවට ලියාපදිංචි වී සිටීම විශේෂත්වයකි.

Hikvision සමාගම විසින් මෙහිදී සිය නවතම තාක්ෂණික විසඳුම් රැසක් ප්‍රදර්ශනය කරන ලදී. ඒ අතර බුද්ධිමත් ආරක්ෂක පද්ධති, ස්මාර්ට් දොර අගුල්, වාහන නැවැත්වීමේ කළමනාකරණ පද්ධති සහ ගිනි නිවීමේ අනතුරු ඇඟවීමේ විසඳුම් ඇතුළත් විය.

එමෙන්ම, ස්මාර්ට් සංදර්ශක පුවරු, වෘත්තීය ශ්‍රව්‍ය පද්ධති සහ එක්ස්-රේ ස්කෑනර් වැනි ආරක්ෂක පරීක්ෂණ උපකරණ ද මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි. වාණිජ ගොඩනැගිලි, අධ්‍යාපන ආයතන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු අංශ රැසකට මෙම නව්‍ය තාක්ෂණයන් කෙතරම් වැදගත් දැයි මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version