ඊශ්‍රායලයේ පවතින ආහාර සැකසුම් (Restaurant) සහ ඉදිකිරීම් (Renovation) ක්ෂේත්රවල රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබේ. ඒ සඳහා වන නිල වෙබ් අඩවිය අද (10) දිනයේ සිට විවෘත කෙරේ.
ආහාර සැකසුම් ක්ෂේත්රය සඳහා අද දහවල් 12.00 සිට අයදුම්පත් භාරගැනීම ආරම්භ වන අතර, ඒ සඳහා 4,000ක පිරිසක් පමණක් ලියාපදිංචි කරගනු ලැබේ. වයස අවුරුදු 25ත් 40ත් අතර, අවම වශයෙන් වසරක සූපශාස්ත්‍ර අත්දැකීම් සහිත, ඉංග්‍රීසි භාෂා දැනුම ඇති පිරිමින්ට මේ සඳහා අයදුම් කළ හැකිය.
ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා සඳහා අයදුම්පත් අද පස්වරු 2.00 සිට භාරගැනේ. මෙහිදී ප්ලාස්ටර්, ජිප්සම්, විදුලි කාර්මික සහ ටයිල් ඇල්ලීම වැනි අංශ 04ක් යටතේ පුද්ගලයන් 12,000ක් බඳවා ගැනීමට නියමිතය. මෙම අංශ සඳහා අවම වශයෙන් වසර 10ක පාසල් අධ්‍යාපනයක් ලැබූ අයෙකු විය යුතුය.
මීට පෙර ඊශ්‍රායලයේ සේවය කර ඇති අය හෝ පවුලේ සමීපතමයන් දැනට ඊශ්‍රායලයේ සේවය කරන අය මෙම වැඩසටහනට සුදුසුකම් නොලබයි. සුදුසුකම් ලත් අයදුම්කරුවන් www.slbfe.lk නිල වෙබ් අඩවිය හරහා පමණක් ලියාපදිංචි වන ලෙස කාර්යාංශය දැනුම් දෙයි.
අයදුම්කරුවන්ගේ වෘත්තීය නිපුණතාවය ඊශ්‍රායල නියෝජිතයන් විසින් සෘජුවම පරීක්ෂා කරනු ලබන බැවින්, තමන්ට නිවැරදි ප්‍රවීණතාවයක් ඇති ක්ෂේත්රයට පමණක් අයදුම් කරන ලෙස බලධාරීන් වැඩිදුරටත් අවධාරණය කරයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර