මැලේසියාවේදී අත්අඩංගුවට ගත් පාතාල කල්ලි සාමාජිකයන් තිදෙනෙකු අද (10) දිවයිනට රැගෙන ඒමට කටයුතු යොදා ඇත. සහකාර පොලිස් අධිකාරී ඔලුගල මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර ‘රත්මලානේ සයිමා’ නමැත්තා ද වන අතර, ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබුණි. මොවුන් කංජිපානි ඉම්රාන්ගේ සමීපතම ගෝලයන් බවට හඳුනාගෙන ඇත.

විශේෂ ආරක්ෂාවක් යටතේ දිවයිනට රැගෙන එන මෙම සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත භාර දීමට නියමිතය.

මේ අතර, කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් මැලේසියාවට ගියද, එම මෙහෙයුම තාවකාලිකව අත්හිටුවා පොලිස් කණ්ඩායම නැවත දිවයිනට පැමිණ තිබේ. කෙසේ වෙතත්, මැලේසියානු පොලිසිය සහ ඉන්ටර්පෝල් සංවිධානය එක්ව කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීම සඳහා එම රට තුළ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version