කොලොම්බියාවේ චොකෝ පළාත කේන්ද්‍ර කරගනිමින් සිදුවූ රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබල භූකම්පනයක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 132 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ව්‍යසනයත් සමඟ එරට රජය විසින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.
භූ විද්‍යා සේවය සඳහන් කරන පරිදි මෙම භූමිකම්පාව කිලෝමීටර් 103ක් පමණ ගැඹුරින් සිදුවී ඇති අතර, එහි බලපෑම බටහිර කොලොම්බියාවේ පුළුල් ප්‍රදේශයකට දැනී තිබේ. කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් අතර තවත් පිරිසක් සිරවී සිටිය හැකි බවට බලධාරීන් සැක පළ කරති.
පෙරෙයිරා නගරය සහ වැලේ ඩෙල් කොකා කලාපය මෙම ව්‍යසනයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇත. භූකම්පනය හේතුවෙන් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 480 ඉක්මවා ඇති බව අගනුවර නගර සංගමය නිවේදනය කරයි.
භූකම්පනයේ අපිකේන්ද්‍රයට ආසන්න ප්‍රදේශවල දේපළ හානි රැසක් වාර්තා වී ඇති අතර, සහන සේවා කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර