ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන ‘ප්‍රජා ශක්ති’ දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ විශේෂ සමාලෝචන රැස්වීමක් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
2026 අයවැය මගින් වෙන් කරන ලද රුපියල් මිලියන 25,000ක ප්‍රතිපාදන යටතේ දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී වසමකම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මෙහි මූලික අරමුණයි. මේ වන විට දිවයින පුරා ග්‍රාමීය මට්ටමින් ව්‍යාපෘති 15,646ක් ආරම්භ කර ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 22,425 ඉක්මවයි.
සමස්ත ව්‍යාපෘතිවලින් සියයට 53.2ක් ජීවනෝපාය සංවර්ධන කටයුතු සඳහාත්, ඉතිරි සියයට 46.8ක් යටිතල පහසුකම් සංවර්ධනය සඳහාත් වෙන් කර තිබේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, මෙම සියලු ව්‍යාපෘති කඩිනමින් අවසන් කර වසර අවසන් වීමට ප්‍රථම ජනතා අයිතියට පත් කිරීමට පියවර ගන්නා ලෙසයි. රාජ්‍ය මූල්‍ය විනය ආරක්ෂා කර ගනිමින් නිරන්තර පසු විපරම් කිරීම තුළින් ව්‍යාපෘතිවල අරමුණු සාර්ථක කර ගත හැකි බව ද ඔහු අවධාරණය කළේය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර