පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පරිපාලන, මූල්‍ය කළමනාකරණය සහ ඩිජිටල් පද්ධතිවල පවතින තත්ත්වයන් පිළිබඳව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) විශේෂ අවධානය යොමුව ඇත. කාරක සභා සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී මෙම කරුණු සාකච්ඡා කෙරිණි.
විශ්වවිද්‍යාලයේ ඩිජිටල් දත්ත කළමනාකරණය සහ ERP පද්ධතියේ පවතින සේවාදායක ධාරිතා ගැටලු, මානව සම්පත් හිඟය සහ තාක්ෂණික නිලධාරීන් රඳවා ගැනීමේ අපහසුතා පිළිබඳව මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු විය. පද්ධති නඩත්තු කිරීම සඳහා විශ්වවිද්‍යාලය තුළම ස්ථිර විශේෂඥ කණ්ඩායමක් ගොඩනැගීමේ වැදගත්කම කාරක සභාව විසින් අවධාරණය කරන ලදී.
විශ්වවිද්‍යාලයේ විනය පරීක්ෂණ කඩිනමින් අවසන් නොකිරීම හේතුවෙන් සිදුවන මූල්‍ය හා පරිපාලනමය පාඩු සම්බන්ධයෙන් ද කාරක සභාව සිය අප්‍රසාදය පළ කළේය. එම කටයුතු කඩිනම් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
විදේශ අධ්‍යයන නිවාඩු ලබාගෙන නැවත සේවයට වාර්තා නොකළ ආචාර්යවරුන්ගෙන් අයවිය යුතු බැඳුම්කර මුදල් සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. 2025 වර්ෂයේදී පමණක් රුපියල් මිලියන 201ක මුදලක් අයකර ගැනීමට විශ්වවිද්‍යාලය සමත්ව ඇති බව නිලධාරීන් පෙන්වා දුන් අතර, මේ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කෙරිණි.
ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල පවතින පසුබෑම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ නිලධාරීන් සඳහන් කළේ, එය ගුණාත්මකභාවය පහත වැටීමක් නොව ජාත්‍යන්තර තරඟකාරීත්වයේ වර්ධනය සමඟ ඇති වූ තත්ත්වයක් බවයි. විශ්වවිද්‍යාලයේ විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීම සඳහා විගණන නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස කාරක සභාව වැඩිදුරටත් උපදෙස් දුන්නේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර