කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වුණේ දිස්ත්‍රික්කයේ තේ වගාකරුවන් මුහුණ දෙන අභියෝග පිළිබඳව අවධානය යොමු කරමිනි.
මෙහිදී ප්‍රධාන වශයෙන් ‘සිලෝන් ටී විලේජ් 500’ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සහ තේ වගාකරුවන්ට අවශ්‍ය යූ.ආර්. (UR) පොහොර සහනාධාර ලබා දීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරිණි.
තේ දළු වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ කුඩා තේ ඉඩම්වල ඵලදායීතාව වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය නව තාක්ෂණික දැනුම ලබා දීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි.
තේ ඉඩම් හිමියන් මුහුණ දෙන ගැටලු නිරාකරණය කරමින් කර්මාන්තය නගාසිටුවීමට ගත යුතු පියවරයන් පිළිබඳව ද අදාළ නිලධාරීන් සමඟ මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු විමසා බැලුණි.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත් මහතා, කළුතර දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පී හේරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ නියෝජිතයින් සහ තේ කර්මාන්තශාලා හිමියන් පිරිසක් සහභාගී වූහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර