හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව නිමිත්තෙන් විශේෂ දානමය පිංකමක් පසුගියදා පැවැත්විණි. මෙම වැඩසටහන විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ ලක්ෂ්මන් කදිරගාමර් අන්තර්ජාතික සම්බන්ධතා සහ උපායමාර්ගික අධ්‍යයන ආයතනය (LKIIRSS) එක්ව සංවිධානය කර තිබුණි.

කොළඹ ශ්‍රී සම්බෝධි විහාරවාසී පූජ්‍ය මහනුවර අමිත ගවේෂී හිමියන් ඇතුළු මහා සංඝරත්නය හත්නමකගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරිණි. එහිදී අනුශාසනාව සිදු කළ හිමියන්, දිවංගත අමාත්‍යවරයා ජාතික සමඟිය සහ රටේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වෙනුවෙන් ඉටු කළ සුවිශේෂී මෙහෙවර සිහිපත් කළහ.

මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ දිවංගත අමාත්‍යවරයාගේ බිරිඳ වන සුගන්ධි කදිරගාමර් මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ. තවද, LKIIRSS වැඩබලන විධායක අධ්‍යක්ෂ තුෂාර රොද්‍රිගෝ මහතා ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආයතන කාර්ය මණ්ඩලය ද මෙම පිංකමට සහභාගී වූහ.

ආගමික වතාවත්වලින් අනතුරුව පිරිත් සජ්ඣායනා කර ආයතනයේ ඉදිරි කටයුතු වෙනුවෙන් ආශීර්වාද ලබා ගැනීම ද සිදු කෙරිණි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version