ආර්ජන්ටිනා පාපන්දු නායක ලියොනල් මෙසී සිය ක්‍රීඩා දිවිය පිළිබඳව තීරණාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ. පසුගිය සතියේ සිය පියා වන ජෝර්ජ් මෙසීගේ අභාවයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, තමන් තවදුරටත් පාපන්දු ක්‍රීඩාවේ නිරත විය යුතුද යන්න පිළිබඳව සැකයක් මතු වී ඇති බවයි.
වයස අවුරුදු 68කදී අභාවප්‍රාප්ත වූ ජෝර්ජ් මෙසී, ලියොනල්ගේ පාපන්දු ගමනේ ආරම්භයේ සිටම ඔහු සමඟ සමීපව කටයුතු කළ පුද්ගලයාය. ඔහු මෙසීගේ කළමනාකරුවෙකු ලෙසද කටයුතු කරමින් පුත්‍රයාගේ ක්‍රීඩා දිවියට දැඩි සහයෝගයක් ලබා දුන්නේය.
“ඔබ නොමැතිව මා කුමක් කරම්දැයි මම නොදනිමි. මා මෙතෙක් කළේ පාපන්දු ක්‍රීඩා කිරීම පමණි; නමුත් තවදුරටත් එය දිගටම කරගෙන යන්නේද යන්න පිළිබඳව මට දැන් දැඩි සැකයක් පවතී,” යනුවෙන් මෙසී සිය සංවේදී සටහනේ වැඩිදුරටත් සඳහන් කර තිබුණි.
මෙසී පෙන්වා දෙන්නේ මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූයේද තම පියාගේ දැඩි කැමැත්ත ඉටු කිරීමේ අරමුණින් බවයි. තරගාවලිය අතරතුර පියාගේ රෝගී තත්ත්වය උත්සන්න වීම තමන්ට විශාල මානසික පීඩනයක් ගෙන දුන් බවත්, එම කාලසීමාව තමන්ට අතිශය අසීරු වූ බවත් ඔහු සිහිපත් කළේය.
කෙසේ වෙතත්, සිය පියාගේ වියෝවෙන් පසු මෙසීගේ ක්‍රීඩා දිවියේ අනාගතය පිළිබඳව මෙතෙක් නිල තීරණයක් ප්‍රකාශ කර නොමැත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර