දිවයිනේ විවිධ ප්‍රදේශවල මේ වන විට නීතිවිරෝධී ගිනි අවි 80,000ත් 100,000ත් අතර ප්‍රමාණයක් සංසරණය වෙමින් පවතින බව ආරක්ෂක අංශ විසින් සිදුකළ ඇස්තමේන්තු මගින් තහවුරු වී තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යාංශය මේ බව අනාවරණය කළේය.
මෙම ගිනි අවිවලින් වැඩි ප්‍රමාණයක් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සහ හමුදාවෙන් පලාගිය පුද්ගලයන් සතුව පවතින බවට තොරතුරු ලැබී ඇතැයි අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, නීතිවිරෝධී ගිනි අවි අත්අඩංගුවට ගැනීම සඳහා රජය මේ වන විට විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි.
රට තුළ සිටින අපරාධකරුවන්ට හෝ පාතාල කල්ලි සාමාජිකයන්ට රජයෙන් කිසිදු ආකාරයක සහනයක් හෝ අනුග්‍රහයක් නොලැබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර