වේයන්ගොඩ, මගලෙගොඩ – නයිවල මාර්ගයේදී සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් හත් දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. ඊයේ (14) සවස 5.00ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ වෑන් රථයක් මාර්ගය අසල තිබූ විදුලි රැහැන් කණුවක ගැටීමෙනි.
අනතුරට ලක්වූ වෑන් රථයේ ගමන් කර ඇත්තේ සිය වැඩිමල් සොයුරියගේ විවාහ මංගල උත්සවයට සහභාගි වී වේයන්ගොඩ, හීන්දෙනිය ප්‍රදේශයේ පිහිටි සිය නිවස බලා යමින් සිටි එකම පවුලේ පිරිසකි. එහිදී රියැදුරු ලෙස කටයුතු කළ 21 හැවිරිදි තරුණයෙකු සහ ඔහුගේ 80 හැවිරිදි මිත්තණිය එම ස්ථානයේදීම මියගොස් ඇත.
අනතුරින් තුවාල ලැබූ පවුලේ සෙසු සාමාජිකයින් හත් දෙනා වහාම ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ රියැදුරු අධික වෙහෙස මහන්සියෙන් රථය පදවා ඇති බවත්, ඒ හේතුවෙන් ඔහුට නින්ද යාම අනතුරට හේතු වී ඇති බවත්ය. වේයන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර