හලාවත ඉරණවිල වෙරළ තීරයට අද (15) අලුයම ඉන්දියාවට අයත් බවට සැක කෙරෙන ධීවර යාත්රාවක් ගොඩගසා ඇති බව වාර්තා වේ.
මෙම යාත්රාව කිසිදු ගල්පරයක ගැටීමකින් තොරව වෙරළට පැමිණ තිබීම හේතුවෙන්, යාත්රාවේ පිරිසක් ගමන් කර ඇති බවට ප්රදේශවාසීන් සැක පළ කරති.
සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලැබීමත් සමඟ ශ්රී ලංකා නාවික හමුදාව එම ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මේ වන විට නාවික හමුදාව විසින් අදාළ යාත්රාව වෙත ආරක්ෂාව ලබා දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.
