සිම්බාබ්වේ රාජ්‍යයේ කරිබා විලේදී සිදුවූ බිහිසුණු යාත්‍රා අනතුරකින් ළමුන් 18 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය අඟහරුවාදා ඇතිවූ දැඩි රළ පහර හේතුවෙන් මෙම යාත්‍රාව පෙරළී ගොස් තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ මගීන් 153 දෙනෙකු පමණ ගමන් කර ඇති බවට ඇස්තමේන්තු කර ඇතත්, එහි නිල ධාරිතාව පුද්ගලයින් 90 දෙනෙකු පමණි. මාර්ග පහසුකම් අවම ප්‍රදේශවල ජනතාව සිය දෛනික ගමනාගමනය සඳහා මෙවැනි යාත්‍රා බහුලව භාවිත කරති.
අනතුරින් පසුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී සිරුරු 26ක් සොයාගැනීමත් සමඟ මරණ සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගොස් ඇත. සිම්බාබ්වේ ආපදා කළමනාකරණ අංශ පවසන්නේ පුද්ගලයින් 77 දෙනෙකු බේරා ගැනීමට සමත් වූ බවයි.
මියගිය ළමුන් අතරින් 16 දෙනෙකුම වයස අවුරුදු 10ට අඩු දරුවන් වන අතර, ඒ අතර වසරක් වයසැති බිළිඳෙකු ද සිටින බව පොලිස් වාර්තා සඳහන් කරයි. කරිබා විල ලොව විශාලතම මිනිසා විසින් නිර්මාණය කළ ජලාශය ලෙස සැලකෙන අතර, එය කිලෝමීටර් 200ක පමණ දිගකින් යුක්ත වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර