පවතින වියළි කාලගුණික තත්ත්වය සහ පාසල් නිවාඩු සමය හේතුවෙන් දරුවන් අතර සරුංගල් යැවීම බහුලව දක්නට ලැබේ. කෙසේ වෙතත්, මෙම විනෝදාංශය නිසා දරුවන්ට සිදුවන හදිසි අනතුරු වාර්තා වීම ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා පෙන්වා දෙයි.
සරුංගල් යැවීමේදී උස් ස්ථානවලින් ඇදවැටීම් සහ කණ්ඩායම් වශයෙන් ක්‍රීඩා කිරීමේදී සිදුවන ගැටීම් හේතුවෙන් දරුවන්ට බරපතළ තුවාල සිදුවිය හැකිය. දෙමාපියන් සහ වැඩිහිටියන් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය බව වෛද්‍යවරයා අවධාරණය කරයි.
විශේෂයෙන්ම විදුලි රැහැන් අසල සරුංගල් යැවීම ඉතා භයානක තත්ත්වයක් නිර්මාණය කරයි. සරුංගල් නූල් විදුලි රැහැන්වල පැටලීමෙන් විදුලි සැර වැදීම නිසා දරුවන් බරපතළ පිළිස්සුම් තුවාල සහිතව රෝහල්ගත කරන අවස්ථා වාර්තා වී ඇත. මෙවැනි අනතුරු නිසා ශරීර පටක, රුධිර වාහිනී සහ ස්නායු පද්ධතියට හානි සිදුවී ශල්‍යකර්ම මගින් ශරීරාංග ඉවත් කිරීමට පවා සිදුවන අවස්ථා පවතින බව වෛද්‍යවරු අනතුරු අඟවති.
අධිබලැති විදුලි රැහැන් පවතින ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් දරුවන් මුළුමනින්ම වළක්වා ගැනීමට දෙමාපියන් කටයුතු කළ යුතුය. දරුවන්ගේ විනෝදාස්වාදය මෙන්ම ඔවුන්ගේ ජීවිත ආරක්ෂාවද එකසේ වැදගත් බැවින්, සරුංගල් යැවීමේදී නිසි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරන ලෙස රෝහල් අධ්යක්ෂවරයා වැඩිදුරටත් ඉල්ලා සිටී.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර