වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් විසින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්, හදිසි ප්‍රතිකාර අවශ්‍ය වන රෝගී සහ ආබාධිත වනසතුන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සති අන්ත සහ රජයේ නිවාඩු දිනවලදී වනසතුන් වෙනුවෙන් හදිසි ප්‍රතිකාර ලබාදීම සඳහා ත්‍රිවිධ හමුදා පශු වෛද්‍ය සේවය කැඳවීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශය වෙත කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන ඇති අතර, ඒ සඳහා අන්තර් ආයතනික සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් ද මේ වන විට ස්ථාපිත කර ඇත. වනජීවී පශු වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් වන තෙක් මෙම සේවාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ අතර, වයඹ වනජීවී කලාපයේ හේරත්ගම ප්‍රදේශයෙන් හමුවූ තුවාල ලැබූ ඇත් පැටවෙකුගේ ජීවිතය බේරා ගැනීම සඳහා ගුවන් හමුදා පශු වෛද්‍ය අංශය ක්ෂණිකව මැදිහත් වී ඇත. පවතින වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රතිකාර ප්‍රමාද වීමෙන් ඇත් පැටවාගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමේ අවදානමක් පැවති නමුත්, හමුදා වෛද්‍ය කණ්ඩායම එම ස්ථානයට ළඟා වී මේ වන විටත් ප්‍රතිකාර කටයුතු ආරම්භ කර තිබේ.
දිවයින පුරා හදිසි ප්‍රතිකාර අවශ්‍ය වන ඕනෑම වනසතෙකු වෙනුවෙන් මෙම හමුදා පශු වෛද්‍ය සේවයේ සහාය ලබා ගැනීමට කටයුතු සූදානම් කර ඇති බව බලධාරීන් පවසයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර