චීනයේ හිටපු අග්‍රාමාත්‍ය ෂූ රොන්ග්ජි මහතාගේ අවසන් කටයුතු බෙයිජිංහි බබාවෝෂාන් විප්ලවීය සුසාන භූමියේදී ගෞරවාන්විතව සිදු කෙරිණි. පසුගිය 12 වන දින අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 98 වන වියෙහි පසුවිය.

මෙම අවස්ථාව සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් රැසක් සහභාගී වී සිටියහ. ඔවුහු ෂූ රොන්ග්ජි මහතාගේ දේහයට සිය අවසන් ගෞරවය පුද කළහ.

ෂූ රොන්ග්ජි මහතා චීනයේ 14 වන සහ 15 වන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් චීන දේශපාලන ක්ෂේත්‍රයේ සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේය.

කම්කරු පන්තියේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි විප්ලවාදියෙකු ලෙස ප්‍රකටව සිටි ඒ මහතා, චීන රජයේ ප්‍රධාන පෙළේ නායකයෙකු ලෙස රටේ සංවර්ධනය වෙනුවෙන් දීර්ඝ කාලයක් සිය දායකත්වය ලබා දී තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version