ශ්‍රී ලංකාවේ නෞකා සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමේ අරමුණින් ජර්මානු සමාගම්වල නියෝජිතයන් සහ අමාත්‍ය විජිත හේරත් මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිතායතනය (AHK) සහ MEC2 GmbH ආයතනයේ නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
මෙරට වරායන් වෙත පැමිණෙන සංචාරක නෞකා සංඛ්‍යාව ඉහළ නැංවීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ අතර සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි. විශේෂයෙන්ම කෙටි කාලීන සංචාර සඳහා පැමිණෙන නෞකා මගීන් මෙරට රැඳී සිටින කාලය දීර්ඝ කර ගැනීම සඳහා ගත යුතු උපායමාර්ගික පියවර පිළිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා විය.
මෙම නව සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම තුළින් මෙරට හෝටල් හිමියන්, ප්‍රවාහන සේවා සපයන්නන්, සංචාරක මගපෙන්වන්නන් සහ දේශීය වෙළෙඳුන් වෙත සෘජු ආර්ථික ප්රතිලාභ හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී ජර්මානු නියෝජිතයන් දැනුවත් කළේය. නෞකා සංචාරක කර්මාන්තය මෙරට ආර්ථිකයේ ප්‍රධාන සාධකයක් බවට පත් කිරීමට රජය කැපවී සිටින බවද අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර