මෙරට පරම්පරා ගණනාවක් පුරා පැවත එන පාරම්පරික වෛද්‍ය දැනුම, ප්‍රතිකාර ක්‍රම සහ වෛද්‍ය සම්ප්‍රදායන් විධිමත් ලෙස ලේඛනගත කර සංරක්ෂණය කිරීමේ අරමුණින් නව ‘TMK’ පරිගණක මෘදුකාංගය එළිදැක්වීම පසුගියදා සිදු කෙරිණි.
බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතනයේදී මෙම වැඩසටහන පැවැති අතර, එහිදී එම ආයතනය සතු වටිනා පුස්කොළ පොත් කාණ්ඩ 10ක් එළිදැක්වීම සහ සාහිත්‍ය පර්යේෂණ අංශයේ නව කෞතුකාගාරය විවෘත කිරීම ද සිදු විය.
මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ දේශීය වෛද්‍යවරුන් පිළිබඳ සංගණනයක් සිදුකර, ඔවුන් සතු වෛද්‍ය දැනුම නවීන තාක්ෂණය ඔස්සේ පරිගණකගත කිරීමයි. එමගින් අනාගත පරපුරට සහ පර්යේෂකයන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ජාතික දත්ත පද්ධතියක් ගොඩනැගීමට අපේක්ෂා කෙරේ.
පාරම්පරික වෛද්‍ය උරුමය සුරැකීම ජාතික වගකීමක් බව පෙන්වා දෙන බලධාරීන්, මෙම වැඩපිළිවෙළ හරහා ශ්‍රී ලංකාවේ අනන්‍යතාව සහ වෛද්‍ය ඉතිහාසය ඩිජිටල් පරිසරයක් තුළ සුරක්ෂිත වනු ඇති බව පවසයි.
ආයුර්වේද කොමසාරිස් ජනරාල් දීප්ති සුමනසේන මහත්මිය ඇතුළු ආයුර්වේද ක්ෂේත්රයේ නිලධාරීන් සහ පර්යේෂකයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර