ඇමරිකානු පියු පර්යේෂණ මධ්‍යස්ථානය (Pew Research Center) විසින් නිකුත් කරන ලද 2026 වසන්ත කාලීන ගෝලීය ආකල්ප සමීක්ෂණ වාර්තාවට අනුව, දකුණු ආසියානු කලාපය තුළ අසල්වැසි රටවලින් වැඩිම ප්‍රසාදයක් දිනාගත් රාජ්‍යය ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන ඇත.
මෙම සමීක්ෂණය මගින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවල ජනතාව තම අසල්වැසි රාජ්‍යයන් කෙරෙහි දක්වන ආකල්ප විශ්ලේෂණය කර තිබේ. එහිදී කලාපයේ අනෙකුත් ප්‍රධාන රටවල් ශ්‍රී ලංකාව කෙරෙහි බෙහෙවින් හිතකර මතයක් දරන බව තහවුරු වී ඇත.
සමීක්ෂණ දත්තවලට අනුව, පාකිස්තාන ජනගහනයෙන් 51%ක් ශ්‍රී ලංකාව කෙරෙහි ධනාත්මක ආකල්ප දරන අතර, ඉන්දියානු ජනතාවගෙන් 49%ක් ශ්‍රී ලංකාව පිළිබඳව හිතකර මතයක සිටී. එසේම බංග්ලාදේශ ජනතාවගෙන් 47%ක් ශ්‍රී ලංකාව කෙරෙහි සිය ප්‍රසාදය පළ කර තිබේ.
දකුණු ආසියානු කලාපයේ පරීක්ෂාවට ලක් වූ අනෙකුත් සියලුම රටවල් හා සසඳන විට, ප්රතිපක්ෂ මතවලට වඩා වැඩි ධනාත්මක ආකල්පයක් දිනා ගැනීමට සමත් වූ එකම රට බවට ශ්‍රී ලංකාව පත්වීම විශේෂත්වයකි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර