අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද දින යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.
මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරිය ප්‍රධාන වශයෙන් සහභාගී වීමට නියමිතව ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සඳහා ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ උත්සවයකටය.
එමෙන්ම, මේ දිනවල වාර්ෂික මහෝත්සවය පැවැත්වෙන යාපනය නල්ලූර් කන්දසාමි කෝවිල වෙත ද අග්‍රාමාත්‍යවරිය ගොස් ආගමික වතාවත්වල නිරත වීමට නියමිතව ඇත.
සිය සංචාරය අතරතුර යාපනයේ තවත් විශේෂ අවස්ථා කිහිපයකට ද ඇය සහභාගී වනු ඇතැයි වාර්තා වේ.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර