දිවයින පුරා පවතින වියළි කාලගුණයත් සමඟ ප්‍රධාන ජලාශ රැසක ජල මට්ටම සීග්‍රයෙන් පහත වැටෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව, දිවයිනේ ප්‍රධාන ජලාශ 73ක සමස්ත ජල ධාරිතාව මේ වන විට 37%ක මට්ටමට පැමිණ තිබේ.
විශේෂයෙන්ම අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල පිහිටි ප්‍රධාන ජලාශ 18ක ජල මට්ටම 30%කට වඩා අඩු අගයක් ගෙන ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශ 9ක සමස්ත ජල මට්ටම 22.9%ක් ලෙස වාර්තා වන අතර, සේනානායක සමුද්‍රය, රම්බකන් ඔය සහ නාමල් ඔය ඇතුළු ජලාශ රැසක ජල මට්ටම 50%කට වඩා පහළ ගොස් ඇත.
මඩකලපුව දිස්ත්‍රික්කයේ ජලාශවල තත්ත්වය ද අවධානයට ලක්විය යුතු මට්ටමක පවතී. එහි ප්‍රධාන ජලාශ 3ක සමස්ත ජල ධාරිතාව 25.7%ක් වන අතර, උන්නිච්චේ ජලාශයේ ජල මට්ටම 12.9%ක් දක්වා පහත වැටී තිබේ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජලාශ 5ක ජල ධාරිතාව 28.1%ක් ලෙස සටහන් වේ. කන්තලේ සහ මොරාන වැව ඇතුළු ප්‍රදේශයේ ප්‍රධාන ජලාශ කිහිපයක ජල මට්ටම මෙලෙස වේගයෙන් අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙයි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර