අලුත්ගම පූර්වාරාම මාර්ගයේදී ත්‍රිරෝද රථයක් සාගරිකා සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් බරපතල අනතුරක් සිදුව ඇත. අලුත්ගම සිට දර්ගා නගරය දෙසට ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථය මෙලෙස දුම්රියේ ගැටී ඇති අතර, අනතුරෙන් තුවාල ලැබූ තරුණයින් දෙදෙනෙකු රෝහල් ගත කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් තිබේ.
මෙම අනතුර සිදුවන අයුරු අසල තිබූ CCTV කැමරාවක ද සටහන්ව ඇත. ප්‍රදේශවාසීන් පවසන්නේ අදාළ දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත ගේට්ටුවක් නොමැති බවත්, දුම්රිය සංඥා පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවත්ය.
අනතුරෙන් පසු ප්‍රදේශවාසීන් එම ස්ථානයට රැස්වී දුම්රිය හරස් මාර්ගයට ගේට්ටුවක් ලබාදෙන ලෙස ඉල්ලා දුම්රිය මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත විය. මෙම තත්ත්වය හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති විය.
පොලිසිය මැදිහත් වී දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දීමෙන් පසු උද්ඝෝෂකයින් විසිර ගොස් ඇත.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර